Thursday, August 27, 2015

සුපිරි අඩියක් ගසා සුපිරි කෑල්ලක් සෙට් කරගතිමි


ෂැහ් මෙතන මාර පොට් එකනේ අප්පා අඩියක් ගහන්න.ගං ඉවුරෙම තියෙන කුඹුක් ගහේ මුල් ටික ලස්සනට රුක් කලාවක් වගේ තියෙනවා.ඒ මදිවට එතනට එන හුලං පාර.අනික මේ ගම් පලාතේ හොද ඌරු මස් ටිකක් එහෙම බයිටට හොයා ගන්න බැරි වෙන්නේ නෑ.මතක් වෙද්දී කටට කෙලත් උනනවා අප්පා.මොනවද අප්පා මම මේ හිතන්නේ.ඉබ්බා ඉදිකටු හිලෙන් හද බලන්න වගේ බියර් ටින් එකක් බොන්න ලැබෙන මට මොන අඩිද.සෙරෙප්පුවේ අඩිය තමයි ගහන්න වෙන්නේ.

ඈහ් හොද වෙලාවට ඒක මතක් වුනේ.අවුරුදු ගානකට කලින් ගනිපු සෙරෙප්පු කූට්ටමේ අඩියක් නෑ.ඇවිදිද්දි විලුඹට මහ පොළව හිතේ හැටියට උම්මා දෙනවා.මට නම් ඒවා දැනෙන්නෙවත් නෑ.උපන් දා ඉදන් ජීවිතේ වැඩි දවසක් මගේ විලුඹ මහ පොළොවෙන් උම්මා අරන් ඇති අනන්තවත්.ඔක්කොම හරි ලොකුම අවුල තමයි සෙරෙප්පුව ගෙවිලා නිසා ඒකෙ පටි දෙක නිතරම ගැලවෙන එක.ඔක්කෝම හරි කාල දිරවන්නේ නැත්තේ එහෙම උනාම වටේ පිටේ ඉන්න කෙල්ලෝ ඔක්කෝම නක්කලේට හිනා වෙන එකනේ.මාත් යමක් කමක් ඇති පවුලක නෙමේ තුන් වේල කාලා ජීවත් වෙන පවුලක ඉපදුනා නම් මේ වගේ වෙන්නේ නෑනේ.එහෙම උනානම් කීය කීය හරි එකතු කරලා හරි හොද සනීප සෙරෙප්පු කූට්ටමක් ගන්න තිබුනා.

සිරාවටම ටික ටික එකතු කරලා හොද සෙරෙප්පු කූට්ටමක් ගන්න පුලුවන් එකේ එහෙමම සල්ලි ටිකක් එකතු කරන් පාවිච්චි කරපු බයික් එකක් උනත් ගන්න පුලුවන් නේ.හැබැයි ඒකට කාලයක් යාවී.එක අතකින් කාලයක් ගියත් මොකද බයික් එකක් ගන්න පුලුවන්නම්.හැබැයි ගන්න බයික් එක ගන්න ඕනේ සුපිරිම බයික් එකක්.නිපුන්ගේ ගාව තියෙන හොනට් එක නම් පට්ට පට පට.උගේ බයික් එකේ නම් තෙල් වැඩ කරනවා සුපිරියි.ඌ බයික් එක විකුන්න ඕනෙ කියලත් කිව්වා මතකයි.ඌ බොක්කක් නිසා ගානත් ටිකක් අඩු කරලා ගන්න බැරි වෙන එකක් නෑ.මම සල්ලි සෙට් කරගන්නකම් ඌ බයික් එක තියාගනීවිද කියලා තමයි සුවර් නැත්තේ.පොඩි ටෝකක් දැම්මොත් බැරි වෙන එකකුත් නෑ.

බයික් එක ගත්තම නම් දැන් මට නක්කලේට හිනා වෙන කෙල්ලෝ සෙට් එකත් නිල මැස්සෝ සෙට් එක වගේ සෙට් වේවි.කොච්චර කෙල්ලෝ සෙට් උනත් සෙට් කරගන්න ඕනේ සුපිරිම කෙල්ලෙක්.කොල්ලයි බල්ලයි හැම එකාම සුපිරි කියන එකියක් නෙමේ.ගෙන්දගම් පොළවෙ පය ගහලා ඉන්න සුපිරි කෙල්ලෙක්.නෑ නෑ එක්කෝ මුලින් සෙට් කරගන්න ඕනෙ වටේ ඉන්න උන්ගේ ඇහේ කටු ඇනෙන සයිස් එකේ සුපිරි කෑල්ලක්.ඊට පස්සේ ඉතින් හොනට් එකේ එකිවත් දාගෙන යද්දී කාටද ආඩම්බර.හැබැයි ඒකි සිරා කරන්න හොද නෑ.හැබැයි ඉතින් ඒකිගේ ලග මම බලාපෙරෛාත්තු වෙන දේවල් තිබ්බොතින් සිරා කරලා කසාද බදින්න උනත් පුලුවන්නේ.

බව් බව් බ........ව්

"දුහුප් පර බල්ලා.පාරේ යන වල් බල්ලෝත් අපිටමයි බුරන්නේ".

6 comments:

  1. හොනට් වල තෙල් කරනවද බන් සුපිරියට? මේ ඇහුවමයි!
    ඕක බන් ඉතින් හැමෝම හිතන ඒත් කවුරුවත් කියන්නේ නැති කතාවක් නේ?

    ReplyDelete
    Replies
    1. මම කීවේ බං අනිත් හොනට් එක්ක බලද්දී.නැත්නම් CT100 එක්ක එහෙම බලද්දී හොනට් තෙල් නානවනේ :P

      Delete
  2. ජේකම් කොල්ලෝ.............

    අපේ පැත්තේ අැවිත් තියෙනවා දැකලයි පාර හොයා ගත්තේ... සින්ඩියටත් දා ගත්තා ගිහින් බලන්න

    http://kurutugegeepawra1.blogspot.com/

    බ්ලොගය නියමයි... දිගට ම ලියමු..... අාපු පළවෙනි ම දවසේ කියන්න තියෙන වැදගත් ම කාරණය තමයි හැකි හැම වෙලාවක ම දිගට ම ලියන්න කියන ඒක.... අනික් බ්ලොග් සින්ඩි වලටත් ගිහින් අැතුළත් වෙන්න... අනික් බ්ලොග් පැත්තේ හැකි තරම් යන්න.... ලස්සන පාරක් ඔබට තියේවි.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. තෑන්කූ වේවා කුරුටු.ඔව් ඔව් මගේ අදහසත් දවසට එක ගානෙවත් පෝස්ට් දාන්න තමයි.මම මුලින් මේක පටන් ගන්න කලින් ඉදන් කලේ අහුවෙන අහුවෙන බ්ලොග් කියවපු එක.ඒකත් නන්ස්ටොප් කරටගන යන්න ඕනෙ.ආයෙත් තෑන්කූ වේවා කුරුටු උපදෙස් වලට ඇන්ඩ් මේ පැත්තේ ආවට :D

      Delete
  3. මට දාපු කමෙන්ට් එක පස්සෙන් ඇවිල්ලයි උඹව හොයාගත්තේ..

    උඹ ඔය හිතන විදිගේ කෑල්ලක් සිරාවට කරන්න ලැබෙනවනම් ඉතින් උඹ ලකී කොල්ලෝ.. ඒක තමයි මුල්ම දවසේ මෙහෙට ඇවිත් මට උඹට කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තෑන්කූ වේවා දිනේෂ් මේ පැත්තේ ආවට.අනේ මේ මටට හිතුන දෙයක් නෙමේ.මේක මම හිතලා ලියපු දෙයක්.දැනටමත් මට වෙන්ඩ පවුලක් ඉන්නවා,හැබැයි හොනට් එකක් තියා පුට් සයිකලයක්වත් මට නෑ :P

      Delete