ඈහ් ජේකබ් කොල්ලාට මානසික රෝගයක්?? ඇත්තටම මූට පිස්සුද නැත්නම් හැටිද? බ්ලොග පටන් අරන් දවසයි වෙන්නේ ඒ ටිකට මූට පිස්සු හැදිලා.
නෑ නෑ ඒක නෙමේ කතාව.මම මේ කියන්න හැදුවේ වෙලාවකට පිස්සු හැදෙන කරමට කරකවලා ඇතෑරියා වගේ දැනෙන පොඩි ෆීලින්ග් එකක් ගැන කියන්නයි.මේ මෙව්වා එකට පිස්සු හැදෙනවා කීවට මොකද වෙලාවකට පොඩි ආතල් එකක් නැතුවමත් නෙමේ.තනියම හිනා වෙන්න එහෙම මරු මෙව්වා එක.කිව්වාට මොකද මට මේ ඊයේ පෙරේදා වෙනකම් ඔය ආතල් එක තිබුනා.ඒ කිව්වේ දැන් ඒ පිස්සුව හොදයි කියලා නෙමේ.අද ඊයේ මට ඒ වගේ මෙව්වා එකක් දැනුනෙ නෑ.( ඊයේ පෙරේදා වෙනකම් දැනිලා අද ඊයේ දැනුනේ නෑ??එතකොට ඊයේ හැබෑවටම මොතද උනේ?? ).
කොහෙද ඉතින් මේ පිස්සු යකා රට වටේ යනවා මිසක් කියන්න ගත්ත කතාව කියන්නේ නෑනේ.ඉවසන්න පිංබතා ඉවසන්න පිංබතා.ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය එහෙම කීව එකාගෙ කට කෑවත් මදිය කියලා අපේ මුතුන් මිත්තෝ කීවෙ නිකම් නෙමේනේ.
ඇති ඇති හොදටම ඇති.ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.කට්ටියම ඉඩ තියෙන තියෙන හැටියට හතර පස් පලකින් වාඩිවුනානම්.
මම මේ කියන්න හැදුවේ,මට හිටපු ගමන් දැනෙනවානේ මේ දේ මීට කලින් මට වෙලා තියෙනවා කියලා හරි මම මේ සිද්ධිය දැකලා තියෙනවා කියලා හරි.අනේ මං දන්නේ නෑ එහෙම හිතුනම උන් හිටි තැන් අමතක වෙලා ගිහින් පිස්සු වගේ හැදෙනවා.හැබැයි කරුමේ කියන්නේ එහෙම හිතෙන මිලි තප්පරෙන් පස්සේ වෙන දේවල් කිසිම දෙයක් ගැන මතක නෑ.හැබැයි ඒ ඔක්කොටම වඩා කරුමේ කියන්නේ ඊට පස්සේ වෙන දේවල් ගැන හිතෙන්නේ "ආහ් ඔව්මයි මේක මෙහෙමමනේ උනේ" කියලා.
එක දවසක් මම උ.පෙ. කරන දවස් වල පොඩි නංගි කෙනෙක් ඇවිත් මගෙත් එක්ක යාලු වෙන්න කැමතිද කියලා ඇහුවා.(ඒ කතාව පස්සේ දවසක)ඒ වෙලාවේ සිද්ද උන දේවල් ගැනත් මට දැනුනේ මම ඒ සිද්දිය කලින් ඒ විදියටම අත්දැකලා තියෙනවා වගේ.මම ඒක මගේ හොදම යාලුවාට,චමෝදාට කිව්වා ඒ බං මට ඔය සීං කෝන් එක කලිනුත් ඔය විදියටම වෙනවා දැනිලා තියෙනවා කියලා.මේකි අනිත් පැත්තටම කිව්වානේ අඩෝ බං මරුනේ.උඹට සාත්තර වරමක් හම්බුවෙලාද කොහෙද කියලා.අපොයි කියපු ගොන්කමට කට වහගෙන හිටියා.ආයෙත් ටික වෙලාවකින් මේකි මට කතා කරලා කියනවා ඒ බං මම අර සිද්දිය කල්පනා කලා මට හිතෙන්නේ ඕක මානසික ලෙඩක්ද කොහෙද කියලා.
ඊට පස්සේ මට හිතන්න උනේ ඇත්තටම මට පිස්සුද?නැත්නම් චමෝදට පිස්සුද?නැත්නම් ඕක සාමාන්‍ය දෙයක්ද? කියලා තමයි.ඇත්තටම මොකක්ද සීන් එක??
මං හිතන්නේ උඹට මානසික රෝගයක් නම්, යූ ආර් නොට් අලෝන්. මමත් ඉන්නව. මොකද මටත් ඔය සීන් එක වෙලා තියෙනව සෑහෙන්න. වෙලාවකට අනිකා කියන්න යන දෙබස පවා ඌ කියන්න කලින් මොලේ ඩිස්ප්ලේ වෙනවා.
ReplyDeleteඅම්මට හුඩු - ෆීලින්ග් හැපී විත් බස්සී :P
Deleteඅවුලක් නෑ එහෙනම්.මම මුලින් හිතුවේ බිලියන 7.349න් එක්කෙනෙක්ට හැදෙන ලෙඩක් කියලා.
ඕක බන් මටත් තියෙනවා! මට නම් තියෙන්නේ මොකක් හරි කියවනකෝට වගේ! කෙල්ලෙක් පස්සෙන් යනකොට වගේ! කල්පනා කරනවා මේකි පස්ේන් කලිනුත් ගියාද කියලා!
ReplyDeleteසිරාවටම රූපෙ මටත් ඕක හුඟක් වෙලාවට මතු වෙන්නේ කෙල්ලෝ සම්බන්ධ කේස් වලදි තමයි :P
Delete