Tuesday, August 25, 2015
ජේකබ් කොල්ලාගේ මුල්ම පියවර
අම්මෝ ඇති යාන්තම්.කල්ප කාලාන්තරයක් තිස්සේ හීන දැක දැක ඉදලා ඉදලා යාන්තම් බ්ලොගක් ලියන්න පටන් ගත්තා.අවුරුදු 4-5ට කලින් ඉදන් දැකපු හීනයක් තමයි මේ හැබෑවුනේ.කල්පයක් තිස්සේ ඉදන් මේක පටන් ගැනිල්ල කෙසේ වෙතත් නැකත් බලලා කේන්දර හදලා හෙන ප්ලෑනක් ගැහුවා.කරුමෙ කියන්නේ කොච්චර හොඳ නැකත් තිබුනත් මගේ ග්‍රහයා එක්ක ඒ නැකත සෙට් නොවුන එකමනේ.නැතුව ජේකබ් කොල්ලාගේ කම්මැලිකමට බ්ලොගක් නොලියා අනිත් අය ලියන ඒවා කියවා කියවා බාලගිරි දෝසේ වගේ අද නෙමේ හෙට කියලා කල් දැම්මේ ඕං ජේකබ් කොල්ලා නම් නෙමේ හොදද.
හැබැයි ජේකබ් කොල්ලා ඔය බාලගිරි දෝසෙටත් ප්‍රතිකර්මයක් හොයා ගත්තා.ඒ තමයි නැකත් නොබලාම වැඩේට එන්ටර් වීම.(ඕවා ලේසි පහසුවෙන් කියලා දෙන ප්‍රතිකර්ම නෙමේ ඕං).මේ වගේ බ්ලොගක් පටන් අරන් මගේ ආශාව සංසිදවා ගන්න ඕන කියලා ආයෙත් ජේකබ් කොල්ලාට හිතුනා මේන් මේක ටයිප් කොරන්න පටන් ගන්න විනාඩි ගනනාවකට කලින්.ආයෙත් මොනාද ජේකබ් කොල්ලා නෙමේ මේ පාර බාලගිරි දෝසෙ ඉස්සරහට දැම්මේ.ගත්තා ලැප උකුලට ගැහුවා ඩොන්ගලේ හදාගත්තා පොඩි ප්‍රොෆයිල් කෑල්ලක්,පටන් ගත්තා ටයිප් කොරන්න මෙන්න මේ මගේ මංගල මෙව්වා එක.දැන් මගේ ඒකායන පැතුම මේ බ්ලොග හදා වඩා ගෙන හිත සතුටින් ජීවත් වෙන්න තමයි.
හැබැයි අපි නැග්ගොත් තැබිලි ගහෙත් ත්රිබලක් කියන්න වගේ මේක පටන් ගත්තාට මොකද මේකට එව්වා මෙව්වා කරන එක ගැන නම් මගේ දැනුම සුවල්පයයි.අපේ මේ බ්ලොග් ලෝකෙ ඉන්න ජේෂ්ඨ උතුමන්ලා හා උතුමනීලාගෙන් මට ඒකට පොඩියට ලොකු සප් එකක් ඕනේ.
අදට ඇති වගේ.හිතේ තියෙන මෙව්වා එකට ටයිප් කරන්න වචන එන්නෙත් නෑ හොදේ.මේ වචන කොහේ ගිහින්ද මන්දා.කමක් නෑ කමක් නෑ අදට ඇති.ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා තමයි අපේ මොන්ටිසෝරි ටීචර් කියලා දුන්නේ.ඒක නිසා අදට ඇති.
ප.ලි. - වැරදි ඇතොත් කියා දෙන්න ආසයි මං හදාගන්න.
Subscribe to:
Post Comments (Atom)
එල....ඔහොම පටන් ගත්තම දුර යන්ඩ පුළුවන්!
ReplyDeleteබ්ලොග් ෆලෝවර් එක දාපන්! තව...ප්‍රෝෆයිල් එක google+ නැතුව බ්ලෝගර් වලට හරවා ගනින්! ඒක ලේසියි!
දිගටම ලියමු! ජය!
තෑන්කූ වේවා...!!
Deleteමගේ බ්ලොගේ මුල්ම කොමෙන්ටුව. :D
බ්ලොග් ෆලෝවර් එක කියන්නේ Follow by Email ගැජට් එකද රූපේ??
නෑ.. විජට් වල තියෙන බ්ලොගර් ෆලෝවර් ගැජට් එක..
Deleteතෑන්කූ වේවා දේශකයා...!!
Deleteරූපේ & දේශකයා දැන් හරි නේද?
Deleteබොහොම ස්තූතියි ඔබ දෙදෙනාගේ ගුරුහරුකමට.
සුභ පැතුම් ජැකොබ්.. දිගට ලියමු..
ReplyDeleteආයෙත් තෑන්කූ වේවා දේශකයා...!!
Delete